Wq/si/මාර්ටින් වික්‍රමසිංහ

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > මාර්ටින් වික්‍රමසිංහ
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:


කෙටිකතා[edit | edit source]

මගේ කතාව​[edit | edit source]

Citajxo
 ඔබගේ රස්සාව පොත් ලිවීම යයි කිවහොත් ඒ අසන කවරෙක් වුව ද සිනා සී ඔබ නිකමෙකියි සිතයි. පොතපත ලියන බව කියන තක්කඩියෙකුට කඩයාප්පන් පුළුස්සන ගැහැණියක පවා තම දුව බිරිඳ කොට දීමට සතුටු වෙතියි ඔබ සිතන්නේ ද​? 
— මගේ කතාව​


Citajxo
 දුනුවීර රස්සාවෙන් අහක් කරලා! එයාට රස්සාවක් නැතිව නිකම් ඉන්න නිසා පොත් කර්තෘය කියනවා! 
— මගේ කතාව​


Citajxo
 සමාජයේ කවුරුනුත් සිතන සැටියෙන් නොසිතීමත්, කරන සැටියෙන් නොකිරීමත් පමණි වල්කම් වන්නේ. 
— මගේ කතාව​


Citajxo
 ලද දෙයින් සතුටුවන්නා මහා නිවටයෙක් වුව ද සන්තුෂ්ටිය පරම ධනය කොට සිතීම නිවටකමක් විය හැකි නොවේ. 
— මගේ කතාව​


කුවේණි[edit | edit source]

Citajxo
 මා දැඩි ආශාවකින් සිත්තම් ඇන්ද නමුත් සිත්තම් ඇඳීමෙන් මුදල් සැපයීමටවත් ශූර චිත්‍රකාරයෙක් ලෙස ප්‍රකට වීමටවත් මම ආශා නොකළෙමි. මුදල්, කිත් යසස්, ගෑණුන් ගේ සමාගම්, ලොකු මිනිසුන් ගේ ඇඟේ හැපෙමින් ජීවත් වීම යන ආදියට ආශා නොකරන එකා, තමාගේ ආත්මය නොහොත් පිරිමිකම මරා ගත් එකෙකු වැන්න​. මා ද මගේ යහළුවන් ගෙන් හා මා හා කතාබහ කළවුන්ගෙන් ද ලැබුවේ අර වගේ ආත්මය මරා ගත් එකකු ලබන සැලකිල්ල වැනි සැලකිල්ලකි. 
— කුවේණි


Citajxo

 "උඹ මේ කදිම සිතියම ඇන් දේ අදහසක් නැතිව ද? උතුම් අදහසක් දක්වන්ට ඒ සිතියම් ඇන් දාය කියා මට වැටහෙනවා" කියමින් ඔහු මට සිත්තමක් පෙන්නුවේ ය​.

"උඹට ඕනෑ එකක් සිතා ගනින්. මම නම් ඒක ඇන් දේ උතුම් අදහසක් තියා මොන ම අදහසක්වත් ඇතිව නොවෙයි." 
— කුවේණි


Citajxo
 ගැමියන් ද සමාජය ද විසින් නිර්දය ලෙස මඬිනු ලැබීමෙන් පල්ලම් බැස කැකෑරෙන ආශා, සිතුම් පැතුම් හා හැඟීම් ද සහිත හිසක් ඇති මා කලා භවනයට සිතියම් යැවීමට අකමැති වීම ඔබගේ පුදුමයට හේතු නොවන බව මම දනිමි. 
— කුවේණි


Citajxo
 'කසළ ගොඩෙහි තිබුණත් මැණික මැණිකමය' යන ආප්තෝපදේශය​, අනික් හැම ආප්තෝපදේශයක් මෙන් ඇත්තෙන් බාගයකුත් බොරුවෙන් බාගයකුත් ආශ්‍රය කොට ගෙන උපන්නකි.
...
ඉතා ධනවත් ස්ත්‍රියක පැළඳි දෙබරාදු දියමන්ති මාලය​, නියම දියමන්ති මාලය ලෙස සලකන්නෝ, දිළිඳු ගැහැණියක පැළඳි මාලය දෙබරාදු එකකැයි සලකති! 


ගමරාළගේ පුතා[edit | edit source]

Citajxo
 ඒක දන්න ගමේ මිනිස්සු රහසේ කතා කරන කොට මේ ඉලන්දාරියා හඳුන්වන්නේ 'බතීගේ මනමාලයා' කියා උන් ඒ ගෑණිට බතීය කියන නම පටබැන්දේ ඒ ගෑණී මහත​-දෙහත ඇති තරබාරු ළමිස්සියක් නිසා 


කෙඳිරි ගෑ මළකඳ[edit | edit source]

Citajxo
 මා සමඟ එක පාසලේ උගත් අරවින්ද පියසේන වැඩි විලිබියත්, අකාලයේ පිබිදුණු කල්පනා ශක්තියත් එයින් නටවනු ලබන සිතත් ඇත්තෙක් විය​. අප 'උපාසකයා' යන විකට නමින් ඔහු හැඳින්වූයේ එහෙයිනි. 
— කෙඳිරි ගෑ මළකඳ


ලොකුකම​[edit | edit source]

Citajxo
 පණ් ඩිතයෙකු නොවන මගේ මතය ආප්තයක් ලෙස ඔබ නොසලකන බව දනිමි. 
— ලොකුකම​


පඬුපුල් අස්න ගිනි ගැනීම[edit | edit source]

Citajxo
 තමාගේ ම වැරදි බලා සිනාසිය හැකි තැනැත්තා මහා පණ්ඩිතයෙකි. නො එසේ නම් සිත් පිත් නැති දළදඬු නපුරෙකි. 
— පඬුපුල් අස්න ගිනි ගැනීම


බබාගේ ධතු වන්දනාව​[edit | edit source]

Citajxo
 සුන්දර දෙයට සිත කය දෙකින් ම වඳින්නෝ කුඩා දරුවෝ ය​. සිතින් පමණක් පුදන්නෝ කලාකාරයෝ ය​. මුදල් සැපයීමටත්, වියදම් කිරීමටත් රැකීමටත් පුරුදුව ජීවිතය නමැති ණය හිමියා විසින් වෙහෙසන වැඩිහිටියන් වන තමාගේ අම්මාත් තාත්තාත් සුන්දර දේට නොව මෙලොව ලාභය හෝ එලොව ලාභය හෝ සලසන දේට පමණක් වැඳීමට පුරුදු වූවන් බව ඊශා නො දනියි. 
— බබාගේ ධතු වන්දනාව​


තවද බලන්න​[edit | edit source]