Jump to content

Wq/si/ධම්මපදය

From Wikimedia Incubator
< Wq | si
Wq > si > ධම්මපදය
ගාථා 423 කින් සමන්විත ධම්මපදය බෞද්ධයාගේ අත්පොත වශයෙන් ද හඳුන්වනු ලබයි.

ධම්මපදය කෙටි ගාථා 423 කින් සමන්විත කෘතියකි. එහි බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයන් සාරාංශ කොට ඉදිරිපත් කර ඇත. වග්ග 26 කින් සමන්විත මෙය බෞද්ධයාගේ අත්පොත වශයෙන් ද හඳුන්වනු ලබයි.

ගාථා

[edit | edit source]
බොහෝ දුර ගමන් ගන්නා, තනිව හැසිරෙන සිත රැක ගන්නාහු මාර බන්ධනයෙන් මිදෙති.
සොර සතුරන් කරන විපතකට වඩා වරදෙහි යෙදූ සිත බලවත් නපුරක් කරන්නේ ය.
Citajxo
“ න පෙරසං විලොමානි
න පරෙසං කතාකතං
අත්තනොව අවෙක්ඛෙයය
කතානි අකතානිච ”
  “ අනුන්ගේ රළු පරළු කතා හා
කළ නොකළ දේ ගැන නොසෙවිය යුතුය.
තමාම කළ නොකළ දේ ගැන සෙවිය යුතුය. ”
Citajxo
“ තමාට පිහිට තමාම ය.
වෙන කවරෙක් තමාට පිහිට වේ ද?
තමා මනාව දැමුණු කල්හි
දුර්ලභ වූ නිවන ද ලැබේ. ”
  “ අත්තාහි අත්තනො නාථෝ
කොහි නාථෝ පරොසියා
අත්තනාච සුදන්තෙන
නාතං ලභති දුල්ලභං ”
Citajxo
“ නොපමා බව නිවණට මගය.
පමා බව මරණයට මගය.
නොපමා වූවෝ නො මියෙති.
පමා වූවෝ මළවුන් වැනි වෙති. ”
  “ අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා. ”
Citajxo
“ කැමති අරමුණක වැටෙන සුළු වූ සිත
දමනය කිරීම යහපත් ය.
හික්ම වූ සිත සැප එළවන්නේ ය. ”
  “ දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථ කාමනිපාතිනෝ
චිත්තස්ස දමතෝ සාධු
චිත්තං දන්නං සුඛාවහං. ”
Citajxo
“ බොහෝ දුර ගමන් ගන්නා,
තනිව හැසිරෙන සිත
රැක ගන්නාහු
මාර බන්ධනයෙන් මිදෙති. ”
  “ දුරංගමං එකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා ”
Citajxo
“ වරද දැක නිගාකොට
ඔවා දෙන නැණවතා
නිධන් පෙන්වන්නෙකු වැනිය. ”
  “ නිධීනං ච පවත්තාරං
යං පස්සෙ වජ්ජදස්සිනං
නිග්ගයිහවාදිං මෙධාවිං
තාදිසං භජමානස්ස
සෙයියො හොති න පාපියො. ”
— පණ්ඩිතවග්ග
Citajxo
“ ගල්පවුව යම් සේ සුළඟින් නොසැලේ ද,
එසේ ම නුවණැත්තෝ
නිගා පැසසුම්හි නො සැලෙති. ”
  “ සෙලො යථා එකඝනො
වාතෙන න සමීරති
එවං නින්දා පසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා. ”
— පණ්ඩිතවග්ග
Citajxo
“ ක්‍රෝධ කරන තැනැත්තා ක්‍රෝධ නොකිරීමෙන් ද
නපුරු තැනැත්තා හොඳ ගතියෙන් ද
මසුරු තැනැත්තා දීමෙන් ද
මුසා පවසන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය. ”
  “ අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චේන අලිකවාදිනං ”
— ක්‍රෝධවග්ග
Citajxo
“ අවැඩ සිදුවන වචන
දහසකට වඩා
සංසිඳීමට හේතු වූ
එක වචනයකුදු ඉතා උතුම් ය. ”
  “ සහස්සමපි චෙ වාචා
අනත්ථපද සංහිතා
එකං අත්ථපදං සෙය්යෝ
යං සුත්වා උපසම්මති. ”
— සහස්ස වග්ග