|
“ කතා කරන බාසාවක් පරීක්‍ෂා කිරීමෙන් ජාතියකගේ ශිෂ්ටාචාරය පිළිබඳ බොහෝ කරුණු දැක්විය හැකි බව කියනු ලැබේ. භාෂාවේ ශබ්දවල විලාශයෙන් ජාතියේ සෞඛ්‍ය හා දේහ ශක්තිය ගැන නිශ්චය කළ හැකිය. දේහ ශක්තියෙන් උසස් මිනිසුන් කතා කරන භාෂාවක ශබ්දයෝ ගූඪ වෙති. උච්චාරණයෙහි අපහසු වෙති. බොහෝ ශබ්ද හලන්ත හෙයින් වේගවත්ව උසුරුවනු යුතු වෙයි. යුරෝපීය යෝධයන් ගේ ඉංගිරිසි ශබ්දත්, උතුරු ඉන්දියානු ආර්යයන් ගේ හින්දි භාෂාව සහ බ්‍රාහ්මණ යෝධයන් ගේ සංස්කෘත භාෂාවත් මීට නිදසුන් වෙති. ද්‍රවිඩය සහ සිංහලයේ බොහෝ වචනත් දේහ ශක්තියෙන් පිරිහුණු ජාතීන් ගේ බවට ලක්‍ෂණ දක්වයි. හලන්ත ශබ්ද වෙනුවට හල් අකුරුවලින් පරව එහි ම ස්වරාන්ත ශබ්ද යෙදීමෙන් පැහැදිලි වන්නේ දේහ ශක්තිය අඩු මිනිසුන් ගේ ව්‍යවහාරයෙහි ලක්‍ෂණයකි. ” | — දිගාමඬුල්ලේ ආශ්චර්යය |
|