Wq/si/බිල් ගේට්ස්

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > බිල් ගේට්ස්
බිල් ගේට්ස් 2007දී

විලියම් හෙන්රි ගේට්ස් (III) (1955 ඔක්තොම්බර් 28 දින උපත ලදී) ඇමරිකානු ව්‍යාපාර ප්‍රධානියකු, මහජන හිතෛෂියකු, ලොව ධනවත්ම මිනිසා (2015 වනවිට) හා මයික්‍රොසොෆ්ට් ආයතනයේ (ඔහු විසින් පෝල් ඇලන් සමඟ එක්ව අරඹන ලද) සභාපති ද වේ. ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ දිවිය තුළ ප්‍රධාන මෘදුකාංග නිර්මාණකරු හා සභාපති ධුර හෙබවූ අතර දැනටත් වැඩිම ගණනක් කොටස් හිමි (9% ක් පමණ පොදු තොග) පුද්ගලයා ලෙස රැඳී සිටියි.

බිල් ගේට්ස්ගේ කියමන්[edit | edit source]

Citajxo
 ඔබට එය හොඳින් කළ නොහැකි නම් අඩු තරමේ එය හොඳින් පෙනෙන ලෙසවත් කරන්න 


Citajxo
 අන් අය සමග ඔබව සංසන්දනය කරන්න එපා. ඔබ එසේ කරනවානම් එය ඔබටම කරන අගෞරවයක් 


Citajxo
 ජයග්‍රහණයන් සමරන්න, නමුත් වඩාත් වැදගත් වන්නේ වැරදුනු තැන් වලින් පාඩම් ඉගෙනීමයි 


Citajxo
 ඔබ දුප්පත්ව ඉපදුනා නම් එය ඔබේ වරදක් නොවේ - නමුත් ඔබ මිය යන්නේ දුප්පත්වනම් එය ඔබේ වරදකි. 


Citajxo
 මම හැම තිස්සෙම වැඩක් කරන්න කම්මැලි පුද්ගලයෙක් තෝරාගන්න කැමතියි. මොකද ඔහු සොයාගන්නවා ඒ වැඩේ කරන්න ලේසිම ක්‍රමය 


Citajxo
 ජීවිතය හැමදාම පහසු වන්නේ නැත - අපට එයට හුරු වීමට සිදුවේ 


Citajxo
 සාර්ථකත්වය කියන්නේ එපාකරපු ගුරුවරයෙක්, ඒක සාර්ථක මිනිසුන්ට පැරදිය නොහැකි බවට ඒත්තු ගන්වනවා 


Citajxo
 මම මගේ විභාගයේ සමහර විෂයන් අසමත් වුනා..නමුත් මගේ මිතුරා ඒ සියල්ල සමත් වුනා, අද ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉංජිනේරුවෙක්, මම තමයි ඒ සමාගමේ හිමිකරුවා