Wq/si/ඇල්බට් අයින්ස්ටයින්

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > ඇල්බට් අයින්ස්ටයින්
1947 දී අයින්ස්ටයින්
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:

ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව (E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඇල්බට් අයින්ස්ටයින්ගේ කියමන්[edit | edit source]

Citajxo
 අතීතයෙන් ඉගෙනගන්න, අද වෙනුවෙන් ජීවත් වන්න, හෙට ගැන බලාපොරොත්තු තබාගන්න, නමුත් වැදගත්ම දෙය වන්නේ ප්‍රශ්න කිරීම නතර නොකිරීමයි. 


Citajxo

 නවීන විද්‍යාව දියුණු මෙවන් යුගයක විද්‍යාවට සටන්කර පරාජය කළ නොහැක්කේ බුදු හිමියන්ගේ ඉගැන්වීම පමණි.

අනාගතය සඳහා වන ආගම විශ්වීය ආගමක් විය යුතුය. එය ආධානග්‍රාහී සිද්ධාන්ත සහ දේව ධර්මය මඟ හැර දෙවියන් ඉක්මවා යා යුතු වන්නේය. එමෙන්ම ස්වභාවික සහ අධ්‍යාත්මික ආවරණයන් සහිතව ස්වභාවික හා අධ්‍යාත්මික හැඟීම් වලින් නැගෙන සියලු‍ දේවල අත්දැකීම් මත පදනම් වූ අර්ථවත් ඒකරාශිවීමක් විය යුතුය. බුදු දහම මෙම සියලු‍ අංශයන්ට පිළිතුරු සපයයි. 


Citajxo

 නවීන විද්‍යාව දියුණු මෙවන් යුගයක විද්‍යාවට සටන්කර පරාජය කළ නොහැක්කේ බුදු හිමියන්ගේ ඉගැන්වීම පමණි.

අනාගතය සඳහා වන ආගම විශ්වීය ආගමක් විය යුතුය. එය ආධානග්‍රාහී සිද්ධාන්ත සහ දේව ධර්මය මඟ හැර දෙවියන් ඉක්මවා යා යුතු වන්නේය. එමෙන්ම ස්වභාවික සහ අධ්‍යාත්මික ආවරණයන් සහිතව ස්වභාවික හා අධ්‍යාත්මික හැඟීම් වලින් නැගෙන සියලු‍ දේවල අත්දැකීම් මත පදනම් වූ අර්ථවත් ඒකරාශිවීමක් විය යුතුය. බුදු දහම මෙම සියලු‍ අංශයන්ට පිළිතුරු සපයයි. 


Citajxo
 පරිකල්පන ශක්තිය දැනුම වඩා වැදගත් වේ. 


Citajxo
 කිසිදු දිනක අත්වැරැද්දක් සිදු නොකළ අයෙකු කිසිදු දිනක අලුත් යමක් කිරීමට උත්සාහ කර නැත. 


Citajxo
 ජීවිතය යනු බයිසිකලයක් පැද යාම වැනිය, සමබරතාව පවත්වා ගැනීමට නම් ඔබ ඉදිරියට යා යුතුය. 


Citajxo
 මම කිසිදු විශේෂ දක්ෂතාවක් නොමැත, මම ඇත්තේ විශාල උනන්දුවක් සහිත කුතුහලයකි. 


Citajxo
 සෑම දෙයක්ම හැකිතාක් සරලව නිර්මාණය කළ යුතුය, එහෙත් සරලවම නොවේ. 


Citajxo
 සාර්ථක මිනිසෙකු බවට පත් වීමට නොව, වටිනාකමක් ඇති මිනිසෙකු බවට පත් වීමට උත්සාහ කරන්න. 


Citajxo
 දෙවියන් වහන්සේ දාදු ක්‍රීඩා නො කරන්නේ ය 


Citajxo
 දෙවියන් වහන්සේ උයන ද, උයන් පාලකයා ද වන සේක.