Wq/si/අනගාරික ධර්මපාලතුමා

From Wikimedia Incubator
< Wq‎ | si
Wq > si > අනගාරික ධර්මපාලතුමා
අනගාරික ධර්මපාලතුමා
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ, අනගාරික ධර්මපාලතුමා (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි.

කියමන්[edit | edit source]

Citajxo

 මතක තියාගනිල්ලා, කවදහරි සුද්දො මේ රට දාල යනවා,උන් යන්නෙ උන්ගෙ දරුවො වගේ කලු සුද්දො විසිතිස්දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කලු සුද්දො, උන් සිංහල බාසාවට, සිරිත් විරිත් වලට වෛර කරනවා උන් උඹලාගෙ දූ දරුවන්ටත් උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපා කියලා, දෙමළත් මරක්කලයත් හම්බයත් කොච්චියත් එකය කියලා උන් කියාවි, එහෙම කියල උන් ඉංග්‍රීසියම රජ කරාවි, පන්සල වටේ පල්ලි, කෝවිල් හදාවි උඹල උඹලෑ දියසේන කුමාරය ඉපදෙනකල් බලා ඉන්නවා, උපදින්න ඉන්න දියසේනල තිඹිරිගෙයිදිම මරා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා, අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනාබේත් දෙනවා, ඊට පස්සෙ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝනියෝ ඉන්න සිද්ද වෙයි මහ ලොකුවට කට ඇරගෙන බලා හිටපල්ලා දියසේනලා ඉපදෙනකල්, ඔය කළු සුද්දන්ට ජාතකවෙලා ඉපදෙන්නෙ දියසේනලා නොවෙයි, එළාරල, එළාර ධර්මිෂ්ඨයෙක් කියල උගේ ඇඟේ සුදු හුණු ගාපු හාමුදුරුගොල්ල එදා දුටුගැමුණු කාලෙත් උන්න වගේ, ඉස්සරහට ඊට හපන් උන්නාන්සේලා ඇතිවේවි

උඹල පරෙස්සම් වෙයල්ලා, උඹලගෙ රට, උඹලගෙ ආගම, උඹලගෙ ජාතිය බේරගන්න ඕනෑ නම් උඹලෑ දරුවො එකෙකුටවත් කලිසම් අන්දවන්න එපා, සුද්දන්ගෙ ආවතේවයට උන් යවන්න එපා, උන්ගෙ සිරිත්-විරිත් ඇබ්බැහිකරවන්න එපා, උන්ගෙ අරක්කු බොන්න එපා, උන්ගෙ නම් ගන්න එපා...