Wn/si/මාතර රෝහලේ අත්බෝම්බයක්

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > මාතර රෝහලේ අත්බෝම්බයක්

සඳුදා, ජනවාරි 3, 2011

Matara district

ඊයේ (2) මාතර මහ රෝහලේ වාට්ටුවක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

මෙම අත්බෝම්බය හමු වී ඇත්තේ රෝහලේ භෞතචිකිත්සක ඒකකයේ තිබියදීයි. මෙම ඒකකයේ විශේෂත්වය වන්නේ රෝහලේ අනෙක් ඒකකවලට මෙන් නොව ලියාපදිංචි ප්‍රතිකාරලාභීන් හට ඕනෑම අවස්ථාවක වැඩි පරීක්‍ෂාවකින් තොරව මෙම අංශයට පිවිස තමන්ගේ ව්‍යායාම ප්‍රතිකාර ආදිය ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දීමයි. ආරක්‍ෂාවේ මෙම හිඩැස භාවිතා කරමින් මෙම බෝම්බය ගෙන ආ තැනැත්තා ක්‍රියා කොට තිබූ බව පෙනී යනවා.

මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර රෝහලේ ආරක්‍ෂාව තර කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.