Wn/si/චිලි සිරකඳවුරේ ගින්නෙන් 83ක් මිය යති

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > චිලි සිරකඳවුරේ ගින්නෙන් 83ක් මිය යති

සෙනසුරාදා, දෙසැම්බර් 11, 2010

චිලි රාජ්‍යයේ සැන් මිගුවෙල් නුවර සිරකඳවුරක ඇති වූ ප්‍රබල ගින්නකින් රැඳිවියන් 81 දෙනෙක් මියගොස් ඇති අතර තවත් ගිනි නිවන භටයෙක් ඇතුළු තවත් 14 දෙනෙකුට තුවාල බව චිලි සෞඛ්‍ය අමාත්‍ය ජයිම් මනාලික් පවසයි. ඔහු තවදුරටත් පැවසුවේ තුවාල ලැබූ සිරකරුවන්ගේ මුහුණු දරුණු පිළිස්සුම්වලට ලක් වී ඇති බවත් ඔවුන්ට දැනට රෝහල්වල දී කෘත්‍රිම ශ්වසනය ලබාදෙමින් පවතින බවත් ය.

චිලි රාජ්‍යයේ පිහිටීම

මිය ගිය රැඳිවියන් 81 දෙනාගේ සිරුරු හඳුනාගැනීමට උත්සාහ කරමින් පවතින බව චිලි හමුදා ප්‍රකාශක පේද්‍රෝ හර්නෑන්දෙස් ප්‍රකාශ කළේය. ජනාධිපති සෙබස්තියන් පිනේරා තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහලට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීය. ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ වඩාත් වැඩි පහසුකම්වලින් සමන්විත නව සිරකඳවුරු ඉදිකිරීමට පියවර ගන්නා බවයි.

චිලියේ ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම සිරකඳවුරු අනතුර මෙය බව සැළකෙයි. මළසිරුරු 15ක් දැනට හඳුනාගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය රොද්‍රිගෝ හින්ස්පීතර් පැවසීය.



මූලාශ්‍ර[edit | edit source]