Wn/si/එජාප මහ සමුළුව අද

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > එජාප මහ සමුළුව අද

ඉරිදා, දෙසැම්බර් 12, 2010

File:United National Party of Sri Lanka logo.jpg
United National Party of Sri Lanka logo

එක්සත් ජාතික පක්‍ෂ මහ සමුළුව අද (12) වන දින පක්‍ෂමූලස්ථානය වන සිරිකොත හිදී පැවැත්විනි.

පක්‍ෂය සඳහා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම මෙහි මූලික අරමුණක් වන බව පෙරදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කුමන්‍ත්‍රණකාරීන් මෙම මහ සමළුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත්, ඒ සියළු උත්සාහයන් වැලැක්වීමට කටයුතු යොදන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය. අද දින පක්‍ෂ මූලස්ථානය වෙත ඇතුලුවිය හැක්කේ ඒ සඳහා අවසර ලත් අයට පමණක් බවත්, එය ආරක්‍ෂක පියවරක් බවත් වැඩිදුරටත් කරුණු සඳහන් විනි.

පක්‍ෂය නව මගකට යොමු කළ යුතු බවට මත දරන සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර වැනි අයවළුන් පවා පෙර දින මෙම සමුළුව සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු තබා සිටින බව පෙරදින ඔවුන් විසින් පැවැත්වූ මාධ්‍ය හමු වලදී ප්‍රකාශ කළෝය.

පක්‍ෂ තනතුරු පිරිනැමීමේදී සියයට දහයක කාන්තා නියෝජනයක් අනිවාර්ය කිරීමද නව ව්‍යවස්ථාවේ අංගයක් බව කියැවේ.