Wn/si/ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ ඇණ ගලවයි

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ ඇණ ගලවයි

අඟහරුවාදා, ජනවාරි 4, 2011 මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ පීලි සවි කොට තිබූ ඇණ ගැලවූ පුවතක් අද වාර්තා වුනා.

කොළඹ - මාතර දුම්රිය මාර්ගයේ ගාල්ල - මාතර කොටස මේ වන විට සහමුලින්ම අලුත් කරමින් පවතිනවා. යම් පිරිසක් විසින් මෙම කොටසේ දුම්රිය පීලි සවිකොට තිබූ ඇණ ගලවා දමා ඇති බව දුම්රිය මාර්ගය සංවර්ධන කාර්යයේ නියත වන සේවකයන්ට දැක ගැනීමට ලැබී තිබෙනවා.

යම් හෙයකින් මාර්ග සංවර්ධනයේ නියත වන දුම්රිය මග හරහා ගමන් ගන්නා යන්ත්‍රයක් මෙම පීලිවල ඇණ ගැලවූ ස්ථානය හරහා ගමන් කිරීමට උත්සාහ කළා නම් සිදුවීමට ඉඩ තිබුනේ විශාල අනතුරකි. සාමාන්‍ය මාර්ගයක් සංවර්ධනයේදී මෙන් නොව, දුම්රිය මගක ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවැසි දොඹකර ආදිය පවා ඇතැම්විට එම ස්ථානයට ගෙන යන්නේ දුම්රිය මගිනි. මාර්ග නිර්මාණය උදෙසාම නිෂ්පාදනය කළ දුම්රිය මග මතින් ගමන් කරනා යන්ත්‍රද ඇත.