Wn/si/ඇමෙරිකානු හමුදාවට සංයුක්ත තැටි තහනම්

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > ඇමෙරිකානු හමුදාවට සංයුක්ත තැටි තහනම්

ඉරිදා, දෙසැම්බර් 12, 2010

ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටීම

වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා පද්ධතියට අයත් පරිගණකවල ඉවත්කළ හැකි දත්ත ගබඩාකිරීමේ මාධ්‍ය පාවිච්චිය ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් තහනම් කර ඇත.

මෙම තීරණයට එළඹ ඇත්තේ විකිලීක්ස් අඩවිය මගින් ඇමෙරිකානු හමුදාවේ රහස් තොරතුරු විශාල ප්‍රමාණයක් පසුගියදා තම අඩවියේ පළකිරීමත් සමගයි. මෙම දත්ත විකිලීක්ස් වෙත ලබාදී ඇත්තේ බ්‍රැඩ්ලි මැනිං නමැති හමුදා සෙබළා විසිනි. ඔහු හමුදා දත්ත ගබඩාවලින් බාගත කළ තොරතුරු ලියා ඇත්තේ ජනප්‍රිය ගායිකාවක වන ලේඩි ගාගාගේ නම සඳහන් සංයුක්ත තැටිවලයි.

නව නීතියට අනුව නැවත ලිවිය හැකි සංයුක්ත තැටි, USB ෆ්ලෑෂ් ධාවක සහ SD කාඩ්පත් වැනි බහුමාධ්‍ය ගබඩා මෙවලම් මෙසේ තහනමට ලක්වී ඇති මාධ්‍ය අතර වෙයි.

කෙසේ නමුත් විචාරකයන්ගේ අදහස වී ඇත්තේ මෙම තීරණය හමුදා සෙබළුන් තම පවුල් සමග සම්බන්ධතා පැවැත්වීමේ නිදහසට අනියම් ලෙස බලපෑම් කරනු ඇති බවයි.

මූලාශ්‍ර[edit | edit source]