Wn/si/ස්පාඤ්ඤයේ පොදු ස්ථානවල දුම් බීම තහනම්

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > ස්පාඤ්ඤයේ පොදු ස්ථානවල දුම් බීම තහනම්

ඉරිදා, ජනවාරි 2, 2011

දැන් බොහෝ යුරෝපා රටවල දුම් පානය කළ හැක්කේ ගොඩනැගිලිවලින් පිටතය
ස්පාඤ්ඤයේ පිහිටීම

අද (ජනවාරි 2 වැනිදා) සිට ස්පාඤ්ඤයේ පොදු ස්ථානවල දුම් බීම තහනම් කරන නීතියක් ක්‍රියාවට නැංවීමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ. නව රෙගුලාසිවලට අනුව රට පුරා තැබෑරුම්, ආපනශාලා, රාත්‍රී සමාජශාලා ආදී පොදු ස්ථානවල දුම් පානය සපුරා තහනම් වේ.

ස්පාඤ්ඤ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ නව නීතිය නිසා තම ව්‍යාපාර කටයුතු 10%කින් පමණ අඩාල වනු ඇති බවත් දස දහස් ගණනකට රැකියා අහිමි විය හැකි බවත් ය. නමුත් මීට කෙටි කලකට පෙර මෙලෙසම පොදු ස්ථානවල දුම් පානය තහනම් කළ බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල එවැනි කිසිදු ගැටලුවක් ඇති වී නැති බව ස්පාඤ්ඤ රජය අවධාරණය කරයි.

ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ නව නීතිය ස්පාඤ්ඤ ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා ගන්නා ලද පියවරක් බවයි.

මූලාශ්‍ර[edit | edit source]